තලතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බව මැතිවරණ කොමිසමට දන්වයි

තලතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බව මැතිවරණ කොමිසමට දන්වයි

තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇති බව සඳහන්.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This