තලාව බස් අනතුරින් උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට (VIDEO)

තලාව බස් අනතුරින් උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට (VIDEO)

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (10) දහවල් සිදුවූ අනතුරින් මෙවර අපොස උසස් විභාගයට පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන් පිරිසක් ඇතුළු පුද්ගලයින් 50ක පමණ පිරිසක් එම බස් රථය තුල සිට ඇති බව සඳහන්.

තුවාලකරුවන් මේ වනවිට අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බස් රථය එම මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකට ඉඩ ලබාදීමට යාමෙන් මෙලෙස පෙරළී ගොස් ඇතැයි සිදුවීම ඇසින් දුටුවන් පවසනවා.

අප වාර්තාකරු පැවසුවේ කලාප කාර්යාලය මඟින් සංවිධානය කළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගිය සිසුන් සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුවාල ලැබූ පිරිස අතර සිටින බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්.

Share This