තලාව බස් අනතුරින් මිය ගියේ 16 හැවිරිදි හඟුරන්කෙත,තලාව ප්‍රදේශයේ සිසුවෙක් (VIDEO)

තලාව බස් අනතුරින් මිය ගියේ 16 හැවිරිදි හඟුරන්කෙත,තලාව ප්‍රදේශයේ සිසුවෙක් (VIDEO)

කුරුණෑගල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ ජය ගඟ හන්දියෙන් 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් 16 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

එම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස 39 ක් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් තලාව සහ අනුරාධපුර රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හඟුරන්කෙත,තලාව ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

පොලීසිය පැවසුවේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බවයි.

Share This