තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය දශකයකින් ආපසු හැරවූ බවට වාර්තා

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය දශකයකින් ආපසු හැරවූ බවට වාර්තා

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීම හේතුවෙන් එරට ආර්ථිකය දැවැන්ත පසුබෑමකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ වසර දහයක ආර්ථික වර්ධනය තලේබාන් සංවිධානය විසින් ආපසු හරවා ඇති බවයි එහි දැක්වෙන්නේ.

එම වාර්තාවට අනුව, තලේබාන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට ඩොලර් බිලියන 5 ක් පමණ අහිමි වී තිබෙනවා.

තලේබාන් පාලනයට පෙර එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 20 ක් ලෙස දැක්වුණා.

කෙසේවෙතත්, UNDP විශ්ලේෂණයකට අනුව, කාන්තාවන්ට වැඩ කිරීම තහනම් කිරීම ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා හෝ ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක පමණ පාඩුවක් ඇති කළ හැකි බවයි පැවසෙන්නේ.

Share This