තලේබාන් සංවිධානය ටයි පටිය ගලවයි

තලේබාන් සංවිධානය ටයි පටිය ගලවයි

ඇෆ්ගනිස්තානයේ සියලුම පාසල් සිසුන් සහ ගුරුවරුන්ට පාසල් තුළ ටයි පටි පැළදීම තහනම් කිරීමට තලේබාන් පාලකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් නිල ඇදුම්වලින් ටයි පටි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි එරට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

පසුගිය අගෝස්තු මාසයේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනයට අදාළ සීමා කිරීම් ගණනාවක් හඳුන්වා දුන්නා.

පිරිමි සහ කාන්තා සිසුන්ට වෙන් කර අධ්‍යාපනය ලබාදීම, විදෙස් භාෂා ඇතුළු විෂයන් ගණනාවක් ඉගැන්වීම තහනම් කිරීම ඒවා අතර කැපී පෙනෙනවා.

මීට සති කිහිපයකට පෙර ඔවුන් විසින් ගැහැණු දරැවන්ට හය ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබීම තහනම් කිරීම ද ඉන් විශේෂයි.

Share This