තවත් ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු ගාසා තීරයෙන් ඊශ්‍රායලයට

තවත් ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු ගාසා තීරයෙන් ඊශ්‍රායලයට

නිදහස් කරන ලද තවත් ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු ගාසා තීරයෙන් පිටව ගොස් දැන් ඊශ්‍රායල භූමියේ සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායලය පවසන්නේ ඔවුන්ගේම පුරවැසියන් 10 දෙනෙකු සහ තායි ජාතිකයින් දෙදෙනෙකු ඒ අතරට ඇතුළත් වන බවයි

මේ අතර ඊශ්‍රායලයේ බන්ධනාගාර නිලධාරීන් ඔවුන් තවත් පලස්තීනුවන් 30 දෙනෙකු නිදහස් කර ඇති බව සඳහන් කරනවා

පසුගිය සිකුරාදා දිනයේ සිට 150 දෙනෙකු නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ

පැය 48ක දිගුවකට එකඟ වීමෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් අතර තාවකාලික සටන් විරාමයේ පස්වන දිනය ඊයේ (28) යෙදී තිබුණා

හමාස් සංවිධානය දේශසීමා තරණය කර ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් ඝාතනය කර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Share This