තවත් මානුෂීය විරාමයකට සූදානම් – ඊශ්‍රායල ජනපති

තවත් මානුෂීය විරාමයකට සූදානම් – ඊශ්‍රායල ජනපති

බලාපොරොත්තු වූ පරිදි ගාසා තීරයේ සටන් විරාමයක් සඳහාවන කෙටුම්පත් යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි නිලධාරීහු පවසනවා .

එක්සත් ජනපදය පවසන්නේ තමන් අනෙකුත් සාමාජිකයින් සමග සම්බන්ධවී කටයුතු කරන නමුත් එය පෙර යෝජනා නිෂේධ කර ඇති බවයි

ඡන්ද විමසීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ දැඩි දුක්ඛිත තත්ත්වය ගැන ආධාර ආයතන ඔවුන්ගේ කෝපය සහ කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා

ඊශ්‍රායල ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම රට තවත් මානුෂීය විරාමයකට සූදානම් බවයි

නමුත් ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරවාරයේ තමන් සාකච්ඡා නොකරන බව හමාස් සංවිධානය පවසන්නේ

ඊයේ (19) ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 100 ක් මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 වැනි දින එල්ල කළ ප්‍රහාරවලින් 1,200 ක් මිය ගොස් 240 ක් ප්‍රාණ ඇපයට ගැනුණු අතර ඔවුන්ගෙන් සමහරක් සටන් විරාම කාලය අතරතුරදී නිදහස් කරනු ලැබුවා

යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරයේ 20,000 කට ආසන්න පිරිසක් මිය ගොස් 52,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This