තවමත් නොනැසී පවතින Bruce Lee උන්මාදය

තවමත් නොනැසී පවතින Bruce Lee උන්මාදය

Bruce Lee ගේ මරණයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් හොංකොං හි රසිකයන් මේ සතියේ ප්‍රදර්ශන සහ සටන් කලා වැඩමුළු පවත්වන අතර ඔහුගේ උන්මාදය තවමත් මිනිසුන් අතර නොනැසී පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව පුරා කුංෆු උමතුවක් ඇති කළ චිත්‍රපටවල සටන් කලාකරුවෙකු වන Bruce Lee වයස අවුරුදු 32 දී මිය යාමට පෙර හොලිවුඩයේ සුපිරි තරුවක් වූ පළමු ආසියාතිකයා වනවා.

සෑම දරුවෙකුටම යම් ආකාරයකින් ආදර්ශයට ගැනීමට එක් චරිතයක් අවශ්‍ය වන අතර තමන් Bruce Lee ව අනුගමනය කළ බව දශක තුනකට ආසන්න කාලයක් තරුව වෙනුවෙන් කැප වූ නගරයේ විශාලතම රසික සමාජයට නායකත්වය දුන් 54 හැවිරිදිChong මහතා පවසනවා.

“සටන් කලාවේ දෙවියා” ගැන කතා කරන විට අපට කතා කළ හැක්කේ Bruce Lee ගැන බව Mic Leung මාධ්‍යට පවසා තිබෙනවා.

1940 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි උපත ලැබූ Lee, හොංකොං හි හැදී වැඩුණු අතර, ප්‍රසිද්ධ කැන්ටනීස් ඔපෙරා ගායකයෙකු වූ ඔහුගේ පියාගේ සහාය ඇතිව ළමා නළුවෙකු ලෙස කීර්තියක් අත්කර ගැනීමට ඔහුට හැකිවුණා.

Lee ගේ ජීවිතය සැමරීම සඳහා රජය විසින් කෞතුකාගාර ප්‍රදර්ශනයකද පවත්වාගෙන යන අතර එය තාමත් Lee ගේ උන්මාදය රසිකයන් තුළ නොනැසී පවතින් බවට හොඳම සාක්ෂියක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This