ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ඉන්දියාව පෙරමුණ ගනියි

ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ඉන්දියාව පෙරමුණ ගනියි

ත්‍රස්තවාදය සෑම ආකාරයකින්ම හෙළාදැකිය යුතු හා පාලනය කළ යුතුව ඇතැයි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් ඒකමතික යෝජනාවක් ගෙන ආ බව ඉන්දියාවේ ආරක්ෂක ලේකම් ගිරිධර් අරමානේ ප්‍රකාශ කළා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මෙවර සභාපතිවරයා ලෙස ඉන්දියාව සුරක්ෂිත අනාගතයක් සහතික කරනු ඇති බවයි ඔහු පැවසුවේ.

එම සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන් ඉකුත් දා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී රැස්වුණා.

දේශසීමාවෙන් බැහැර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඉදිරි වසරවලදී සහයෝගයෙන් ක්‍රියා කිරීමට සාමාජික රටවල් එහිදී එකග වූ බව ද ඔහු සඳහන් කළා.

සහයෝගීතාවයේ ප්‍රධාන අංශ වනුයේ මානුෂීය ආධාර සහ අවදානමට ලක්විය හැකි ජනගහනයට ආපදා සහන සැලසීම, කලාපයේ විවිධ රටවල ජීවත් වන අවදානමට ලක්විය හැකි ජනගහනයේ ආරක්ෂාව වැඩි කිරීම සහ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම් සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම බවයි ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This