ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

L.T.T.E සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර අත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසිනුයි

එමෙන්ම මෙලෙස තහනමට ලක් වූ සංවිධානයන් ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන්.

මීට අමතරව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන පහතින්

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (L.T.T.E )

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය (T.R.O)

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව (T.C.C)

4 ලෝක දෙමළ ව්‍යාපාරය (W.T.M)

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය (T.G.T.E)

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල (W.T.R.F)

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත් (N.T.J)

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම් (J.M.I)

10 විලයාත් අස් සෙයිලානි (W.A.S)

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය (N.C.C.T)

12 ද්‍රවිඩ තරුණ සංවිධානය (T.Y.O)

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (S.L.IS.M)

15 සේව් ද පර්ල්ස්

Share This