
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාව
2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
රටවල් 163ක් අතරින් ශ්‍රී ලංකාවට එහි 100 වන ස්ථානය හිමිව ඇති අතර ලොව ත්‍රස්ත තර්ජන වැඩිම රට බවට නම් කර ඇත්තේ බර්කිනා-ෆාසෝ රාජ්‍යයයි.
2024 වසරේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකළ විශ්ලේෂණයට අනුව ආර්ථිකය සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් 2025 වසරේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත් කෙරුණා.
ලෝක ජනගහනයෙන් 99.7%ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්‌තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් එම දර්ශකය සකස් කර තිබෙනවා.
එම දර්ශකයේ දෙවන ස්ථානයට පාකිස්ථානය සහ තුන්වන ස්ථානයට සිරියාව පත්ව ඇති අතර 2023 වසරේ 36 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර එහි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.
එමෙන්ම දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිඳු ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම් කර තිබෙනවා.
2018 වසරේ සිට එක් ත්‍රස්ත ක්‍රියාවක් හෝ වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 58 සිට 66 දක්වා වර්ධනය වී ඇති බවයි ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් පෙන්වාදෙන්නේ.
2024 වසරේ මාරාන්තිකම ත්‍රස්ත සංවිධානය ලෙස හඳුනාගෙන ඇත්තේ අයි.එස්. සංවිධානයයි.