ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක් (VIDEO)
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්.
නීතිපතිවරයා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලිසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී ඇති බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කරන්නේ.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවද කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා.
එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් සඳහන් කරන්නේ.