
ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනී
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටිනවා.
මේ වනවිට (01) ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කර තිබෙනවා.
ආපදා කළමනාකරණ ආරංචි මාර්ග පවසන්නේ නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා ඇති බවයි.
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව සඳහන්.








