ත්‍රිරෝද රථයක් ලොරි රථයක පසුපස ගැටී දැරියකට දිවි අහිමි වී 5 කට බරපතලයි

ත්‍රිරෝද රථයක් ලොරි රථයක පසුපස ගැටී දැරියකට දිවි අහිමි වී 5 කට බරපතලයි

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල නගරය ආසන්න යේදී ත්‍රිරෝද රථයක් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු එකම පවුලේ 6 දෙනකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

මෙම තුවාල ලබා රෝහල් ගතකළ පිරිසේ සිටි වයස අවුරුදු 4 ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

බරපතල තත්ත්වයේ සිටි සෙසු 5 දෙනා හම්බන්තොට රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල,පහළගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් වන අතර තුවාල ලැබූ පිරිස අතර මාස 5 ක දරුවකු ද සිටින බව වාර්තා වුණා.

පිරිස කිරින්ද ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.

Share This