
ත්‍රිරෝද රථ අනතුරින් දරුවකුට ජීවිතය අහිමි වේ
වාලච්චේන පොලිස් වසමේ කාවත්තමුණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රියරෝද රථයක් මාර්ගය අයිනේ නතරකර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ පිටුස අසුනේ ගමන්ගත් පිරිමි දරුවකු වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිමි දරුවා වයස අවුරුදු 9 ක් වූ කාවත්තමුණ පදිංචිකරුවකු බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා.
ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.