ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ඉන්ධන මිල පහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනයේදී ඊට සමගාමීව ත්‍රිරෝද ගාස්තු අඩු කළ නොහැකි බවයි

එමෙන්ම, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දිය හැකි ක්‍රමවේදයක් රජය විසින් සකස් කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

Share This