තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක ලැව් ගින්නක්

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක ලැව් ගින්නක්

තායිලන්තයේ බැංකොක් හි Khao Laem ජාතික වනෝද්‍යානය තුළ ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.

ලැව් ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ගිනි නිවීමේ ඒකක නිලධාරීන්ට ලඟා විය නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබෙනවා.

ඊට අමතරව ගිනි නිවීමේ රථ 20 කට ආසන්න සංඛ්‍යාවක් ද යොදවා ඇති අතර වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

Share This