තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය දිවුරුම් දෙයි

තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය දිවුරුම් දෙයි

තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අගමැති ධුරයට තේරී පත් වූ පේටොන්ටාන් ෂිනවත්‍රා අද සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට හිටපු අගමැති ශ්‍රෙත්තා තවුසින් ධූරයෙන් නෙරපීමෙන් පසු තායිලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් අනතුරුවයි පේටොන්ටාන් ෂිනවත්‍රා අගමැති ලෙස තේරීපත් වුණේ.

හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන ඇය මේවනවිට 37 වන වියේ පසුවනවා.

ගෙවුණු දශක දෙකක කාලය තුළ ෂිනවත්‍රා පවුලෙන් අගමැති ධුරයට පත් වූ සිවුවැන්නා ඇයයි.

Share This