තායිලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 37ක් දක්වා ඉහළට(VIDEO)

තායිලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 37ක් දක්වා ඉහළට(VIDEO)

ඊසානදිග තායිලන්තයේ ඊයේ (06) පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් මේ වනවිට පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අය අතර අවම වශයෙන් ළමුන් 23 දෙනෙකු සිටින අතර අවුරුදු දෙකට අඩු ළමුන් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා

තුවක්කුකරු සියදිවි නසා ගෙන ඇති බවත්,මොහු හිටපු පොලිස් නිලධාරියෙක් බවත් සඳහන් වනවා

මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සේවයෙන් පහ කර ඇති බවද එරට පොලිසිය සඳහන් කළා

මොහු 34 හැවිරිදි අයෙක් බවත් ප්‍රහාරයට කිසියම් හේතුවක් තිබුණේද යන්න පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තුවාල ලැබූ පුද්ගලයන් Nong Bua Lamphu දිස්ත්‍රික් රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ

පෙර පාසැලේ ප්‍රධාන ගුරුවරිය වන Nanticha Panchum පවසා තිබෙන්නේ ප්‍රහාරකයාගේ පුතා මීට පෙර සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණි නමුත් මාසයක කාලයක් සිට එහි නොපැමිණි බවයි

Share This