තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණය ලබන මැයි මාසයේ දී පැවැත්වෙන බවයි එරට අග්‍රාමාත්‍ය Prayut Chan-O-Cha නිවේදනය කර ඇත්තේ.

තායිලන්ත මැතිවරණ කොමිසම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වීමෙන් පසුව එරට පාර්ලිමේන්තුව විසින් එළඹෙන ජූලි මාසයේදී නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සිදු කරනු ඇති.

2019 වසරේ පැවති මතභේදාත්මක මැතිවරණයකින් සිය පාලනය තහවුරු කරගත් 68 හැවිරිදි Prayut Chan-O-Cha යළිත් වරක් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වනු ඇති බවට බොහෝ දෙනාගේ මතය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This