තායිවානයට භූ කම්පනයක් – ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

තායිවානයට භූ කම්පනයක් – ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු දිග තායිවානයට ඇති වූ භූ කම්පනයක් නිසා ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

රික්ටර් මාපක 6.8ක අගයකින් එම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබලත්වයක් සටහන් වූ බව ප්‍රකාශ කර තිබෙනවා.

තායිවාන මාධ්‍ය පවසන්නේ වෙළඳසැලක් සහිත පහත් ගොඩනැඟිල්ලක් කඩා වැටී ඇති අතර එහි සිටි අය මුදා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එරට දුම්රියපොළකටද බලපෑම් එල්ල වී ඇති අතර මගීන් 20 දෙනෙකු පමණ ඉවත් කර ගත බවයි තායිවාන මාධ්‍ය පවසන්නේ.

තායිවානයේ මෙම භූ කම්පනයත් සමග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ කොටසකට මීටර් 1 ක උසකින් යුත් සුනාමි රළ පිළිබඳ ජපාන කාලගුණ ඒජන්සිය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This