තායිවානය බියෙන්

තායිවානය බියෙන්

තායිවාන ජනාධිපති Tsai ing wen එල්ල විය හැකි ආක්‍රමණයක් ගැන බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, චීනයෙන් දිගින් දිගටම එල්ල වන අනතුරු ඇඟවීම් නිසා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම ඕනෑම මොහොතක මුහුන දීම සඳහා තායිවානය සූදානමින් සිටිය යුතු බව ද තායිවාන ජනාධිපතිවරියගේ ස්ථාවරය වී ඇති බව ද ඇය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආක්‍රමණයක් එල්ල විය හැකියි යන්න ඕනෑම මොහොතක සිදුවිය හැකි සැබෑවක් බවත් තායිවාන ජනාධිපති ජනාධිපතිවරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

තායිවානයට සාපේක්ෂව චීන හමුදාව සහ ඔවුන්ගේ බලය බොහෝසෙයින් ශක්තිමත් වුවද, සිය හමුදා බලය තීව්‍ර කර ගැනීම තායිවානයේ අපේක්ෂාව වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ තායිවාන ජනාධිපතිනිය එරට ආරක්ෂක වියදම් ද ඉහළ නංවා ඇති බවයි.

Share This