තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට චීන යුද ගුවන් යානා 42ක් පියාසර කරයි

තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට චීන යුද ගුවන් යානා 42ක් පියාසර කරයි

මිලිටරි අභ්‍යාසවල කොටසක් ලෙස අද (19) දිනයේ තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට චීන යුද ගුවන් යානා 40 කට වැඩි ප්‍රමාණයක් පියාසර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ චීන ගුවන් යානා 26 ක් පමණ තායිවාන සමුද්‍ර මධ්‍ය රේඛාව හරහා ගමන් කළ බවයි

එමෙන්ම සටන් කිරීමට තම හමුදාවට ඇති හැකියාව මෙම අභ්‍යාස මගින් පරීක්ෂා කරනු ලබන බව චීනය ප්‍රකාශ කර ඇතැයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් තායිවානයේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ චීනයේ හමුදා අභ්‍යාස තායිවානයේ පැවැත්වීමට අදහස් කරන බවයි

Share This