තායිවානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

තායිවානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

තායිවානයේ ජනාධිපතිනි Tsai Ing-wen චීනයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඇය පවසන්නේ චීනය එල්ල කරන පීඩනය සහ බාධක හමුවේ තායිවානයට ලෝකය සමග සම්බන්ධ වීම නැවැත්වීමට ඉඩ නොදෙන බවයි.

පීඩනයට සහ තර්ජනවලට මුහුණ දෙන විට ජනතාව වඩාත් සමීපව කටයුතු කරන ආකාරය ලෝකයා දැක ඇති බව ද තායිවානයේ ජනාධිපතිවරිය පවසනවා.

පීඩනයට හා බාධාවන්ට යටත්ව තායිවානය ගෝලීය ප්‍රජාව සමඟ සිදුකරන ගනුදෙනු නොනවත්වන බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

තායිවාන ජනාධිපතිනි Tsai Ing-wen දින 10 ක මධ්‍යම අමෙරිකානු කලාපීය සංචාරය අතරතුර ඇය අමෙරිකානු කථානායකවරිය හමුවුණා.

ඒ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේයි.

Share This