තායිවාන මුහුදේ චීනය යුද අභ්‍යාසයක

තායිවාන මුහුදේ චීනය යුද අභ්‍යාසයක

චීනය විසින් තායිවානය ආශ්‍රිත මුහුදු සීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

තායිවන ජනාධිපතිනි Tsai Ing-wen අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවීමට කෝපය ප්‍රකාශය කිරීමක් ලෙස චීනය දින 03 ක කාලයක් මෙම යුද අභ්‍යාසය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිවන ජනාධිපතිනිය පසුගියදා අමෙරිකාවේ සංචාරයක නිරතවූ අතර ඊට චීනය දැඩි ලෙස විරෝධය පළ කර තිබුණා.

පසුගිය වසරේ ද චීනය විසින් තායිවානය අවට මුහුදේ විශාලම යුද අභ්‍යාසය සිදුකර තිබුණා.

ඒ, අමෙරිකානු කතානායිකා Nancy Pelosi සිදු කළ තායිවාන සංචාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

තායිවානය නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කළ ද එය තමන්ට අයත් භූමියක් ලෙස චීනය සළකන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This