තායි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙක් නිදහස් කිරීමෙන් පසු යළිත් බැංකොක් වෙත

තායි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙක් නිදහස් කිරීමෙන් පසු යළිත් බැංකොක් වෙත

දින 50කට ආසන්න කාලයක් හමාස් සංවිධානය යටතේ සිටි තායි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු නිදහස් කිරීමෙන් පසු ආපසු බැංකොක් වෙත පැමිණ තිබෙනවා

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල කාන්තාවන් සහ ළමුන් 70 දෙනෙකු නිදහස් කර ඇති ගිවිසුමකට අනුව ඔවුන් මුදා හැරීමද ඇතුළත්ව ඇති බවයි පැවසෙන්නේ

සටන් විරාමය දීර්ඝ කිරීම නිසා ඉතිරි තායි ප්‍රාණ ඇපකරුවන් 9 දෙනාද නිදහස් කර ගැනීමේ බලාපොරොත්තුව දැන් අලුත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

හමාස්‌ සංවිධානය ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය 1200 දෙනා අතර තායි ජාතිකයන් තිස්‌ නව දෙනෙකු ඇතුළත් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

පසුගිය දින දෙක තුළ නිදහස් කළ තායි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තවමත් ඊශ්‍රායලයේ රැඳී සිටින බවද සඳහන් .

Share This