තාරුණ්‍යයට ජනපති දුන් පොරොන්දුව

තාරුණ්‍යයට ජනපති දුන් පොරොන්දුව

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවයි අවධාරණය කළේ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි ප්‍රකාශ කළේ.

Share This