
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රි 12න් අවසන්
පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා
ඒ අනුව මේ දක්වා අයදුම් නොකළ, සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා හෙට (17) මධ්‍යම රාත්‍රි 12ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ
කෙසේ වෙතත් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය නැවත දීර්ඝ කරනු නොලබන බව සඳහන්