
තැපෑල හෙට වර්ජනයේ
තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතයි