තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගලයෙක් මරුට
පැරණි තරහක් මුල් කරගෙන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙක්.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ සැකකරු අතර පැවැති පැරණි කෝන්තරයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලකදී මෙම පහරදීම සිදුවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය සිදුකරනු ලබනවා.