තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ජාඇල, ඒකල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ ඒකල, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා ආහාර පාර්සලයක් රැගෙන ඒමට මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී යතුරු පැදිකරු සමඟ බහින්බස් වීමක් සිදුවී ඇති අතර මියගිය පුද්ගලයා විසින් යතුරු පැදිකරුට ගලකින් පහරදී ඇති බව සඳහන්.

එහිදී එම ගල අසළ තිබූ වෙළෙඳ සැලක දොරේ වැදී අලාභ සිදුව ඇති අතර, පසුව මියගිය පුද්ගලයා, වෙළෙඳසැල් හිමිකරු සහ තවත් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමකින් එහි සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුවී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය රාගම රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This