තිරිංග ක්‍රියාත්මක නොවූ ලංගම බස් රථයකට කාන්තාවක් යටවී අනතුරක්

තිරිංග ක්‍රියාත්මක නොවූ ලංගම බස් රථයකට කාන්තාවක් යටවී අනතුරක්

තිරිංග ක්‍රියාත්මක නොවූ ලංගම බස් රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වේයන්ගොඩ බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කළ ලංගම බස් රථයක් මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක ගැටී ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් බස් රථයට සහ ත්‍රී රෝද රථයට මැදිවී ඇති බවයි.

පසුව තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියදුරු වේයන්ගොඩ පොලිස් රථවාන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේයන්ගොඩ පොලිස් රථවාන අංශය සදහන් කළේ ලංගම බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට හේතුව බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

Share This