තිස්සකුට්ටි කොන්දේසි විරහිතව ජනපතිට කණගාටුව ප්‍රකාශ කරයි (VIDEO)

තිස්සකුට්ටි කොන්දේසි විරහිතව ජනපතිට කණගාටුව ප්‍රකාශ කරයි (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් අද විභාගයට ගත්තා.

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළා.

ඉන් අනතුරුව එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරුණා.

ඉන් අනතුරුව නඩුව අවසන් කරන බව අතිරේක දිසා විනිසුරුවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩොලර් බිලියන 5ක මුදලක් වෙනත් රටක ආයෝජනය කර ඇති බව 2023 ඔක්තෝබර්13 වැනි දින තිස්සකුට්ආරච්චි මහතා කළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් ප්‍රචාරය විමෙන් තමාට දැඩි අපහසයක් සිදුව ඇති බව අධිකරණ පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නඩුව ගොනු කර තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

 

Share This