තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ
තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය (OXYGEN GENERATION PLANT) විවෘත කර තිබෙනවා
මේ සදහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 50 ක්
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කර ගනිමිනුයි මෙම කටයුතු සිදු කර ඇත්තේ
මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය (OXYGEN GENERATION PLANT) මගින් මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 900 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා
තිස්සමහාරාම මූලික රෝහලේ අවශ්‍යතාවය මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 53 ක් පමණ වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සදහා මාසයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 250 ක් පමණ අවශ්‍ය වන බව සඳහන්.
මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර ඒකක සදහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතර, අතිරික්ත ඔක්සිජන් දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ලබාදීමට ද නියමිතයි.