
තිස්ස කුට්ටිආරච්චිට පක්ෂයෙන් දැඩි අවවාද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇත්තේ විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසයි.
නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ විට, තමා ශ්‍රී ලංකාවේ ‘නිල නොවන ජනාධිපතිවරයා’ ලෙස කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පක්ෂ සාමාජික රැස්වීමක දී පවසා තිබුණා.
