තීරණයක් ගන්න මෛත්‍රීට සතියක් කල් දෙයි (වීඩියෝ)
තව දුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවා ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවසර ලබා දී තිබෙනවා.
ඊයේ (01) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම තීරණය සතියක් තුළ දැනුම් දීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (01) යෝජනාවක් කළා.
ඊට අදාල ලිපියන් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.