තුන්වන චාල්ස් රජුට ප්‍රතිකාර ඇරඹේ – ලෝක නායකයින් රැසක් රජුට ඉක්මන් සුව පතයි

තුන්වන චාල්ස් රජුට ප්‍රතිකාර ඇරඹේ – ලෝක නායකයින් රැසක් රජුට ඉක්මන් සුව පතයි

තුන්වන චාල්ස් රජුට පිළිකා රෝගී තත්ත්වයක් පවතින බවට තහවුරුවීමෙන් පසු ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා

අග්‍රාමාත්‍ය රිෂි සුනක් රජු සමග නිතිපතා සම්බන්ධතා පවත්වන බවත්, අසනීපය ඉක්මනින් සොයා ගැනීම ගැන ස්තුතිවන්ත වන බවත් BBC පුවත් සේවයට පවසනවා

රජුට කුමන ආකාරයේ පිළිකාවක් වැළඳී ඇත්දැයි බකිංහැම් මාලිගය පවසා නොමැති බවද සඳහන්

රජු මහජන රාජකාරි කල් දමා ඇති නමුත් රාජ්‍ය රාජකාරි භාරගෙන සතිපතා අගමැති හමුවීම දිගටම කරගෙන යනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සඳුදා බකිංහැම් මාලිගයේ නිවේදනයෙන් පසු හැරී කුමරුගේ කණ්ඩායම කියා සිටියේ ඔහු තම පියා බැලීමට එක්සත් රාජධානියට යන බවත් ඔහුගේ බිරිඳ මේගන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමග කැලිෆෝනියාවේ රැඳී සිටින බවත්ය.

කෙසේවෙතත් හැරී කුමරු තම පියා බැලීමට කැලිෆෝනියාවේ සිට එක්සත් රාජධානිය බලා මේ වනවිට පිටත්ව ගොස් ඇති බවත් එක්සත් රාජධානියට යන ගුවන් යානයක ඔහු සිටින බවත් විශ්වාස කෙරෙනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ පිළිකා රෝගය ඉක්මනින් සුව වීමට බලාපොරොත්තුව සහ නිරපේක්ෂ ධෛර්යය අවශ්‍ය බවයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජුට “ඉක්මන් සුවය සහ යහපත් සෞඛ්‍යයක්” ප්‍රාර්ථනා කරන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ ඔහුගේ සිතුවිලි බ්‍රිතාන්‍ය ජනතාව සමග බවයි.

Share This