තුන්වන චාල්ස් රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා

පිළිකා වර්ගය පිළිබඳව අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රජුට මේ වනවිට නිත්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර මහජන රාජකාරි කල් දමන බවද මාලිගය පවසා තිබෙනවා

චාල්ස් ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ පුතුන් දෙදෙනාටම පෞද්ගලිකව දැනුම්දී ඇති අතර වේල්ස් කුමරු ඔහුගේ පියා සමග නිරන්තර සම්බන්ධකම් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

එක්සත් ජනපදයේ වෙසෙන සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු තම පියා සමග කතා කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු බැලීමට එක්සත් රාජධානියට යාමටද නියමිතයි .

රාජ්‍ය නායකයාට නිල රාජකාරි ඉටු කිරීමට නොහැකි වූ විට ඒ සඳහා ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් තිබෙනවා

ඒ අනුව එවැනි තත්ත්වයක් තුළ රජතුමා වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය උපදේශකයින් පත් කළ හැකියි .

Share This