තුන්වන චාල්ස් රජු කිරුළ පළදියි

තුන්වන චාල්ස් රජු කිරුළ පළදියි

තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස අද (06) පස්වරුවේ කිරුළ පැළදුවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය පැවැත්වුණේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේදීයි.

මෙහිදී කැමිලා කුමරියද රජ මෙහෙසිය ලෙස ඔටුණු පැළදුවා.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් රජු ඉතිහාසයට එක්වනවා

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර චාල්ස් රජුගේ රාජාභිෂේකයට දෙස් විදෙස් සිටින ආරාධිතයිත් රැසක් එක් වුණා

Share This