තුර්කියට ගිය ඊජිප්තු ජනපති

තුර්කියට ගිය ඊජිප්තු ජනපති

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි, තුර්කියේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

දෙරට අතර වසර ගණනාවක සිට පැවති ගැටලුකාරී තත්ත්වයන්ගෙන් අනතුරුව ඊජිප්තු ජනාධිපතිවරයෙකු තුර්කියේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංචාරය අතරතුරදී ඊජිප්තු ජනාධිපති අල්-සිසි සහ තුර්කි ජනාධිපති රීසප් තායිප් එර්දොගන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

එහිදී ගාසා තීරයේ ගැටුම් සහ මැදපෙරදිග උත්සන්න වන ආතතීන් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති.

මීට අමතරව බලශක්තිය, ආරක්‍ෂාව සහ සංචාරක ව්‍යාපාරය ඇතුළුව තම ජාතීන් අතර සබඳතාව ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගීතා ගිවිසුම් රැසකට ද දෙරටේ නායකයින් අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

Share This