තුර්කියෙන් නැගූ දොස්

තුර්කියෙන් නැගූ දොස්

සිය තානාපතිවරයාට සිජියෑන් පළාතේ පිහිටි මතභේදාත්මක උයිගර් කලාපයේ සංචාරය කිරීමට අවසර ලබාදීම චීනය විසින් ප්‍රතික්ෂේප කල බව තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu අනාවරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ තුර්කියෙන් පැමිණෙන මානුෂීය කටයුතුවල නිරත කණ්ඩායමක් සදහා පැමිණිය හැකි බවයි

ෂිජියෑන් සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත් චීනය තුර්කියට පවසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

චීන ජනාධිපති ෂී ජින්පින් එම යෝජනාව ඉදිරිපත් කර වසර 05 ක් ගතව ඇතත්, අදාළ නියෝජිතයන් පිරිස හෝ තානාපතිවරයා උයිගර් කලාපයට ඇතුළු වීම වළක්වන්නේ ඇයි දැයි තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී චිනයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එමෙන්ම උයිගර් කලාපය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වයේදී සහයෝගයෙන් කටයුතු නොකරන්නේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් ද තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී චීනයෙන් විමසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය රටේ පුරවැසියන් වන පුද්ගලයින් පිටුවහල් කරන ලෙස චීනය ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් ඔවුන් සහයෝගයෙන් කටයුතු නොකරන්නේ නම් එවැනි ඉල්ලීම් භාර ගැනීමේ අවශ්‍යතාවක් තුර්කියට නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනය විනිවිදභාවයකින් යුතුව කටයුතු නොකරන්නේ නම් ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට යටත් විය යුතු නැති බව ද තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

උයිගර් ජනයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද තුර්කිය චීනයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This