තුර්කියේ සිට රුසියාවට ගිය විදේශීය ධාන්‍ය නෞකාවක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ – යුක්‍රේනයේ වරායක තිබූ බවටත් වාර්තා

තුර්කියේ සිට රුසියාවට ගිය විදේශීය ධාන්‍ය නෞකාවක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ – යුක්‍රේනයේ වරායක තිබූ බවටත් වාර්තා

ධාන්‍ය රැගෙන යාම සඳහා තුර්කියේ සිට රුසියාවේ Rostov-on-Don වරායට ගමන් කළ නෞකාවක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රකාශ කර තිබෙනවා

වැඩිදුරටත් රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රකාශ කර තිබෙන්නේ මෙම නෞකාව පසුගිය මැයි මාසයේදී යුක්‍රේනයේ Kiliia වරායේ නවතා තිබූ බවත්, එය යුක්‍රේනයට පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීමට යොදා ගන්නට ඇති බවත්ය.

මෙම මස මුලදී තුර්කියේ Tuzla වරායේ සිටියදී නෞකාව එහි නම වෙනස් කර ඇති අතර යුක්‍රේන ජාතිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත එහි කාර්යය මණ්ඩලය ප්‍රතිස්ථාපනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

නම සඳහන් නොකළ මෙම නෞකාව Kerch සමුද්‍ර සන්ධියේදී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු දිගටම ගමන් කිරීම තහනම් කර තිබෙනවා

පසුව එය රුසියානු මුහුදෙන් පිටත් වූ බවයි රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) තහවුරු කරන්නේ

යුක්‍රේනයට කළු මුහුදේ වරායෙන් ධාන්‍ය අපනයනය කිරීමට හැකි වූ ගිවිසුමකින් රුසියාව ඉවත් වී සතියකට පසු නැව් ආරක්‍ෂක පරීක්‍ෂාවට ලක්කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This