තුර්කි ගුවන් යානයකට සුඩානයේ දී වෙඩි

තුර්කි ගුවන් යානයකට සුඩානයේ දී වෙඩි

සූඩානයේ අගනුවරවන කාර්ටූම් නගරයෙන් පිටත ගුවන් කඳවුරකට ගොඩ බැස්සීමට සූදානම් වූ තුර්කි ගුවන් යානයකට වෙඩි තබා ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා

එහිදී කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර එය ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති බවද සඳහන් වනවා.

ගුවන් යානයට වෙඩි තබා එහි ඉන්ධන පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් සුඩාන හමුදාව ප්‍රතිවාදී RSF සටන්කරුවන්ට දොස් පවරා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රතිවාදී RSF කණ්ඩායම එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් දීර්ඝ මානුෂීය සටන් විරාමයකට කැපවී සිටින බවයි.

මේ අතර Port Sudan නගරයෙන් තුර්කි පුරවැසියෙකු බේරා ගැනීමට අඛණ්ඩව උත්සාහ කරන බව තුර්කියේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙනවා.

 

Share This