තුර්කි බුද්ධි අංශ මෙහෙයුමකින් සිරියාවේ ISIS නායකයා මරුට

තුර්කි බුද්ධි අංශ මෙහෙයුමකින් සිරියාවේ ISIS නායකයා මරුට

තුර්කි බුද්ධි අංශ මෙහෙයුමකින් සිරියාවේ ISIS සංවිධානයේ නායක Abu Hussein al-Quraishi ඝාතනය කළ බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan නිවේදනය කර තිබෙනවා.

තුර්කි බුද්ධි අංශ විසින් දීර්ඝ කාලයක සිට Abu Hussein al-Quraishi සිටින ස්ථානයක් සොයා මෙහෙයුම් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බවයි තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව උතුරු සිරියාවේ Jandaris නගරයේ දී තුර්කි බුද්ධි අංශ විසින් සිරියාවේ ISIS සංවිධානයේ නායකයා ඝාතනය කර තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ භූ කම්පනයෙන් දැඩි හානියට පත් වූ ප්‍රදේශයක් ද වන බව සඳහන්.

ISIS සංවිධානය විසින් 2022 නොවැම්බර් මාසයේදී Abu Hussein al-Quraishi සිරියාවේ නායකයා ලෙස තෝරාගෙන තිබුණා.

Share This