තුර්කි – සිරියා ඛේදවාචකයෙන්  33,100ක් නොඑන ගමන් ගොසින්

තුර්කි – සිරියා ඛේදවාචකයෙන් 33,100ක් නොඑන ගමන් ගොසින්

තුර්කි සහ සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 33,181 පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තව බොහෝ මෘත ශරීර සොයාගත නොහැකිව සුන්බුන් අතර සැඟව තිබෙන බවට එම මාධ්‍ය වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා.

තුර්කියේ මරණ සංඛ්‍යාව 29,605 ක් පමණත් සිරියාවේ මරණ සංඛ්‍යාව 3,576 ක් පමණ වන බවට සඳහන්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන නවතම තොරතුරක් ලෙස ගොඩනැගිලි රෙගුලාසි නොසලකා හැර තිබූ කොන්ත්‍රාත් කරුවන් සම්බන්ධයෙන්ද එරට රජයන් අවධානය යොමුකරමින් පවතින බව වාර්තා වනවා.

Share This