තුවාලයට බෙහෙත් කරගත්ත ඔරංඔටන් (VIDEO)

තුවාලයට බෙහෙත් කරගත්ත ඔරංඔටන් (VIDEO)

ඉන්දුනීසියාවේ සුමාත්‍රා ඔරංඔටන් සතෙකු විසින් තම කම්මුලේ ඇතිවූ විශාල තුවාලයක් සුවකර ගැනීම සඳහා ශාකවලින් සාදන ලද තලපයක් භාවිත කර ඖෂධයක් සාදාගෙන ඇති බව සත්ත්ව විද්‍යාඥයෝ පවසනවා.

වනයේ වෙසෙන ජීවියෙකු ඖෂධීය ශාකයකින් තුවාලයකට ප්‍රතිකාර කරන බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.

රකුස් ලෙස නම් කර ඇති මේ ඔරංඔටන් ඔහුගේ මුහුණේ ශාක ඖෂධය තබා මාසයක් ඇතුළත තුවාලය සුව කරගෙන තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම හැසිරීම පොදු මුතුන් මිත්තෙකුගෙන් පැමිණිය හැකි බවයි.

ඉන්දුනීසියාවේ Gunung Leuser ජාතික වනෝද්‍යානයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කම්මුලේ විශාල තුවාලයක් ඇති රකුස්ව දැක තිබෙනවා.

මැලේරියාව සහ දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා දේශීයව භාවිතා කරන ශාකයක් වන Akar Kuning නම් ශාකයේ කඳ සහ කොළ රකුස් හපන අයුරු මෙම කණ්ඩායම දුටු බව සඳහන්.

රකුස් නැවත නැවතත් එම දියරය ඔහුගේ කම්මුල මත විනාඩි හතක් පමණ තබාගෙන තිබෙනවා.

පසුව රකුස් ඔහුගේ තුවාලය සම්පූර්ණයෙන්ම වැසෙන තුරු හපන ලද කොළ තවරාගෙන ඇති අතර විනාඩි 30 කට වැඩි කාලයක් ශාකයේ සාරය තුවාලය මත තබා සිටි බව සඳහන්.

දින කිහිපයකට පසු පර්යේෂකයන් රකුස්ගේ ආසාදනයක කිසිදු සලකුණක් නොදුටු අතර තුවාලය දින පහක් ඇතුළත සම්පූර්ණයෙන් වැසීගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This