තුවාල ලැබූ සද්දන්තයාට වන ජීවී කරුණාව (VIDEO)

තුවාල ලැබූ සද්දන්තයාට වන ජීවී කරුණාව (VIDEO)

කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ සිටි අලියෙකුට, ඇතකු පහර දීම හේතුවෙන් එම සත්වයාගේ වම් අතේ කිහිල්ල ප්‍රදේශයට දළ පහර කිහිපයක් එල්ල වී තුවාල ලබා තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක් වූ හස්තියා කවුඩුල්ල වැව් තාවුල්ලේ සිටින බවට ලැබුණු තොරතුරු මත වනජීවි නිලධාරීන් සහ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23) දිනයේ මෙම අලියා සොයාගෙන එම සත්වයා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.

ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම වන අලියා නැගිට ‍යන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

එහි විශේෂත්වය වන්නේ මෙවැනි දැවැන්ත සත්වයෙක් වන ජීවි නිලධාරීන් ඉතා වෙහෙසක් දරා නැගිටුවා දිව ගියා.

Share This