
තුෂාර උපුල්දෙනිය රක්ෂිත බන්ධනාගාරයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මේ අතර එම චෝදනාවට අදාලව ඊයේ (09) අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ද හෙට දක්වා බන්ධනාගාර ගත කෙරුණා.
අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති මූල්‍ය වංචා නඩුවකට අදාලව සිරගතකර සිටි පුද්ගලයකු වෙසක් පොහෝ දින ලබාදෙන ජනාධිපති සමාව යටතේ යැයි පවසා නිදහස් කිරීම පසුගිය දිනවල කතා බහට ලක් වුණා.
පසුව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ එවැනි පුද්ගලයකු නිදහස් කිරීමට ජනාධිපතිවරයා අත්සන් කර නොමැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල සිද්ධිය පිළිබද කඩිනමින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාලව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කෙරුණා.
සිද්ධියට අදාලව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුත් කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ධූරයේ වැඩ බැලීම සදහා ඊයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම් නිෂාන්ත ධනවංශ මහතා පත් කළා.