
තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අද (13) වරෙන්තුවක් නිකුත් කළා.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වන තුසිත හල්ලොලුව අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා මෙම වරෙන්තුව නිකුත්කළා.
