තෙල් මිල අඩුකරන ලෙස ඉල්ලා වැල්ලවායේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක

තෙල් මිල අඩුකරන ලෙස ඉල්ලා වැල්ලවායේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් වැල්ලවාය නගරයේ දී අද (23) විරෝධතාවක නිරත වුණා.

ඒ පොහොර ලබා දෙන ලෙස සහ ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලමින්.

අනතුරුව ඔවුන් වැල්ලවාය බස් නැවතුම්පොළ අසල සිට පා ගමනින් වැල්ලවාය නගරය ඔස්සේ පැමිණ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට පැමිණියා .

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරයේදී ද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිසා සභාවාරයද උණුසුම් වුණා.

 

Share This